2023 වසර සඳහා Google සමාගම විසින් Pixel 8 හා Pixel 8 Pro ලෙස දුරකථන දෙකක් පසුගිය ඔක්තෝම්බර් 04 වන දින වෙළෙඳපලට නිල වශයෙන් නිකුත් විය. මෙහී වැඩිදියුණු කළ Tensor G3 චිපයක්, යාවත්කාලීන කළ කැමරා සහ AI-වැඩිදියුණු කළ විශේෂාංග රාශියක් ඇතුළත් වේ.
ග්රෑම් 213 බර මෙම දුරකථනය 120Hzක Refresh Rate එකක් සහිත අඟල් 6.7″ ක Super Actua Display හා Li-Ion 5050 mAh බැටරියකින් බල ගැන්වේ.
කැමරා 3ක් සහිත කැමරා පද්ධතියකින් බල ගැන්වෙන අතර ප්රධාන කැමරාව 50MP හා 12MP Ultra wide කැමරාවකින් හා 48MP 5X Optical Zoom තිබෙන Telephoto sensor එකක් සමග පැම්ණ තිබේ.
මෙවර Google Night Slight විශේෂාංගය Videos සදහාත් ලබාදී තිබේ. තවද Shaky සහ Blurry වීඩියෝ Unblur කළහැකි Feature එකක් සහ Super Res Zoom විශේෂාංගයකුත් ලබා දී ඇත.
Performance
Google Pixel 8 Series එකෙහි Chipset එක ලෙස බලගැන්වීමට නවතම 4Nm Tensor G3 යොදා ඇති අතර එය CPU Cores 9කින් සමන්විත වනවා.
128 GB 12 GB RAM Google Pixel 8 Pro දුරකතනය $999.00 ලෙසත් 128 GB 12 GB RAM Google Pixel 8 දුරකතනය $699.00 මෙවර මිල සඳහන් කර ඇත.
මෙම දුරකතනය දෙකෙහිම IP68 Water and Dust Resistance පහසුකම, Face Unlock, In-Display Fingerprint Scanner, Dual Stereo Speakers, Wi-Fi 6, Bluetooth 5.3 සහ NFC වැනි පහසුකම් අඩංගුවනවා.
Camera එක
Pixel 8 Device එක කැමරා 2ක් සහිත කැමරා පද්ධතියකින් බල ගැන්වෙන අතර ප්රධාන කැමරාව 50MP සහ 12MP Ultra-wide කැමරාවකින් යුක්ත වනවා. Front Camera එක ලෙස 10.5MP sensor එකක් යොදා තිබෙනවා.
Pixel 8 Pro Device එක කැමරා 3ක් සහිත කැමරා පද්ධතියකින් බල ගැන්වෙන අතර ප්රධාන කැමරාව 50MP, 12MP Ultra-wide කැමරාවකින් හා 48MP 5X Optical Zoom තිබෙන Telephoto sensor එකකින් යුක්ත වනවා. මෙයටද Front Camera එක ලෙස 10.5MP sensor එකක් යොදා තිබෙනවා.
මෙවර Google Night Slight විශේෂාංගය Videos සදහාත් ලබාදී ඇති අතර Shaky සහ Blurry වීඩියෝ Unblur කළහැකි පහසුකමක් සහ Super Res Zoom විශේෂාංගයකුත් ලබාදී තිබෙනවා.
සුපුරුදු Design එක සහ Super Actua Display එක
Pixel 8 සහ 8 Pro හි සුපුරුදු Design එක භාවිතා කරමින් පිටුපස ඇති Sensors සහ Cameras Metallic Strip එකක යොදා තිබෙනවා. Pixel 7 Series එකට වඩා සුළු වෙනස්කමක් ලෙස දැක්විය හැකිවනුයේ මෙහි Rounded Edges යොදා තිබීමයි.
Pixel 8 Proහි ද Pixel 7 Proහි මෙන් අඟල් 6.7ක විශාලත්වයකින් සහ 120Hzක Refresh Rate එකකින් සමන්විත Display එකක් යොදා තිබෙනවා. තවද මෙහි උපරිම Brightness ප්රමාණය Nits 1600ක් පමණ වන අතර Display එක Gorilla Glass එකකින් ආවරණය කොට තිබෙනවා.
Pixel 8හි Display එක ගැන කතා කළ විට මෙහි Pixel 7 වලට වඩා සුළු වෙනස් කම් කිහිපයක් සිදු කර ඇති අතර එනම්; Refresh Rate එක 120Hz වීමත්, උපරිම Brightness ප්රමාණය Nits 1400ක් වීමත් සහ අඟල් 6.3ක පැවති Display Size එක අඟල් 6.2ක් දක්වා අඩු කිරීමත් ය.
Google Pixel 8 ඔබේ තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමට උදවු කරයි.
Google Pixel 8 නවතම විශේෂාංග
share :