කෘතිම බුද්ධියෙන් චිත්‍ර අඳිමු

“හිතේ තියෙන ඕනෙම දෙයක් විනාඩියකින් රූපයකට ගන්න කැමතිද?”

එකපාරම ගිය මනෝ ලෝකෙක දැකපු දේ චිත්‍රයකට ගන්න පුළුවන් නම්…..හීනෙන් දැකපු දෙයක් චිත්‍රයකට ගන්න පුළුවන් නම්…..කියලා ඔයාලට ඕනේ තරම් හිතිලා ඇති නේද? දැන් ඔයාලට එහෙම ඇඳගන්න චාන්ස් එකක් තියෙනවා.මේ ඒ ගැන සම්පූර්ණ විස්තරයක්… ඔයාලත් උත්සාහ කරලා බලන්න.

AI generated images කියන්නේ කෘතිම බුද්ධියක්‌ භාවිත කරලා නිර්මාණය කරගන්න රූපවලට.මෙහෙම නිර්මාණයන් කරන ලෝක ප්‍රසිද්ධ AI ප්ලැට්ෆෝර්ම් එකක් තමයි Midjourney කියන්නේ. Midjourney බීටා වර්ෂන් එකක් මගින් මේ අවස්ථාව දැන් හැමෝටම හම්බෙලා තියෙනවා. අනුගමනය කරන්න තියෙන්නේ හරිම සරල පියවර ටිකක්.

1. Discord මොබයිල් ඇප් එක හරි ඩෙස්ක්ටොප් වර්ෂන් එක හරි ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රොෆයිල් එකක් හදාගන්න. https://discord.com/download

2. ඊටපස්සේ මෙන්න මේ ලින්ක් එකෙන් Midjourney සර්වර් එකට ජොයින් වෙන්න. https://discord.com/invite/midjourney

3. ඒක ඇතුළේ තියෙන #newbies රූම් එකකට ජොයින් වෙන්න. ගොඩක් රූම් ෆුල් ඇති. ෆ්‍රී එකක් බලලා ජොයින් වෙන්න.

4. ඊටපස්සේ /imagine කියලා ටයිප් කරලා ඔයාගේ හිතේ තියෙන එක ලියාගෙන ලියාගෙන යන්න.

5. විනාඩියක් වගේ අඩු කාලයකදී වර්ෂන්ස් 4 කින් රූප 4 ක් ජෙනරේට් වෙයි.

6. ඔයා කැමති රූපය එතන තියෙනවා නම් U1, U2, U3, U4 ඔබලා වෙන වෙනම රූප 4 සේව් කරගන්න පුළුවන්. ඒවත් අලුත් මැසේජ් විදියට පල්ලෙහායින් වෙන වෙනම එයි.

7. ඔයාට එක රූපයක වෙන වර්ෂන්ස් 4 ක් ට්‍රයි කරන්න ඕනේ නම් V1, V2, V3, V4 ඔබලා අලුත් වර්ෂන්ස් හදාගන්න පුළුවන්.එහෙනම් දැන්ම හිතේ තියෙන දේවල් අඳින්න පටන් ගන්න.

ඇඳපුවා අපිටත් බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.

එහෙනම් අලුත් නිව්ස් එකකින් ආයේ හම්බෙමු. ජය වේවා !

share :

Leave a Comment





Our Shop Advertesment